Welcome to Rajgama Pradesheeya Sabha
රජ්ගම ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු!
ආයුබෝවන්!

Welcome

රජ්ගම ප්‍රාදේශීය සභාවට සාදරයෙන් පිළිගනිමු!

2002 වර්ෂයේ දී හික්කඩුව ප්‍රාදේශීය සභාව, හික්කඩුව නගර සභාව සහ රජ්ගම ප්‍රාදේශීය සභාව ලෙස බෙදා වෙන් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් රජ්ගම ප්‍රාදේශීය සභාව ස්ථාපිත වූයේ ය. එ දා සිට මේ දක්වා තිහකට (30) නො අඩු මහජන නියෝජිත මණ්ඩලයකින් හා ලේකම් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයකින් යුක්ත ව මහ ජනතාවට සේවය කරමින් පවතින රජ්ගම ප්‍රාදේශීය සභාව, ග්‍රාම සේවා වසම් හැත්තෑවක් පුරා විහිද ගිය, ඉහළ විවිධත්වයකින් යුතු වපසරියක් ආවරණය කරන ප්‍රාදේශීය සභාවකි. “අභිමානයෙන් ගොඩනැගෙන රාජග්‍රාමය” යන දැක්ම ඔස්සේ යමින් ප්‍රදේශවාසී ජනතාවට තම උපරිම සේවය ලබා දීමට රජ්ගම ප්‍රාදේශීය සභාව ඇප-කැප වී සිටි යි.

සේවාවන්

  • ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම (දින 14)
  • ඉඩම් අනුබෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම (දින 14)
  • ගොඩනැගිලි අයදුම්පත්‍රක් අනුමත කිරීම
  • ආදාහනාගාර වෙන් කරවා ගැනීම
  • වරිපනම් බදු සම්බන්ධ ක්‍රියා පටිපාටිය
  • වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම
  • කැලි කසල ඉවත් කිරීම
  • පුස්තකාල සාමජිකත්වය

බාගත කිරීම්

  • ගොඩනැගිලි අයදුම් පත්‍රය
  • වීථිරේඛා අයදුම් පත්‍රය
  • ව්‍යාපාර බදු අයදුම් පත්‍රය
  • වෙළෙඳ බලපත්‍ර අයදුම් පත්‍රය
  • නම හරවා ගැනීම/නව වරිපනම් සඳහා අයදුම් පත්‍රය (AT)
  • පුස්තකාල සාමාජිකත්වය සඳහා අයදුම් පත්‍රය
  • ගලි බවුසර් සේවාව සඳහා අයදුම් පත්‍රය
  • මහජන පැමිණිලි ආකෘතිය

දැක්ම

අභිමානයෙන් ගොඩනැගෙන රාජග්‍රාමය

මෙහෙවර

දක්‍ෂිණ ලංකාවේ මනස්කාන්ත මුහුදු වෙරළකට උරුමකම් පාන රජ්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ සුව පහසුව, සුඛ විහරණය හා සුබ සාධනය සඳහා පුළුල් ජනතා සහභාගිත්ව ප්‍රවේශයක් තුළ සභාව සතු හා සපයාගත හැකි සියලුම සම්පත් උපරිම අන්දමින් ඒකරාශී කර කාර්යක්‍ෂම ව හා අරපිරිමැසුම්දායක ලෙස හසුරුවමින් මහජන සෞඛ්‍යය, පොදු මංමාවත් හා සියලු මහජන උපයෝගිතා සේවාවන් ආරක්‍ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම තුළින් ජන ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යාම අපගේ කාර්යය යි.